17.8 C
New York
Wednesday, October 4, 2023

මංගල,චන්ද්‍රිකා,මෛත්‍රී සමග පොහොට්ටුව කඩා බුලත් කොලේ හදන විමල්ගේ මෙහෙයුම!

ශ්‍රිලනීපය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය එක තැනකට ගෙන එමට හැකියාව ලැබුනහොත් අගමැතිකම ලබාදිමට හැකියාවක් ඇති බව හිටපු ජනාධිපතිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ දිනවල වැඩිපුරම මාතෘකාව බවට පත්ව සිටින අමාත්‍ය විමල් විරවංශට පොරොන්දුවක් දි තිබේන බව News One දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ දේශපාලනයෙන් ඉවත් වු බව කියමින් පසුගිය මහා මැතිවරණයට තරග නොකල මංගල සමරවීර 2024 ඉලක්ක කර ආණ්ඩු බලය අල්ලා ගැනිම සදහා දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව අප මිට පෙරද අනාවරණය කළා. ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන මෙන්ම තාක්ෂණික දැනුම ලබ ගැනිම සදහා තානාපති කාර්යාලය කිහිපයක් සමග සaජු සාකච්ඡා පවත්වමින් සිටි අතර 2024 අගභාගයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදි නැවතත් ගෝඨාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වුවහොත් සිංහල බෞද්ධ ස්වරූපය සහිත චම්පික වැන්නෙකු ඒ සදහා සුදානම්කි රිමටද කටයුතු මේ වනවිට සිදුවෙමින් පවති.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අඩපණ කිරිම සහ ඒ හරහා දේශපාලන බලය යලිත් ශ්‍රිලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගැනිම සදහා පසුගිය මාස කිහිපය තුල සාකච්ඡාවට ලක්ව ඇති අතර ඒ සදහා සුදුසුකම් සහිත පුද්ගලයා ලෙස පොහොට්ටුවේ පොදු හතුරා බවට නිරන්තරයෙන් පත්වන විමල් තොරාගෙන ඇති බවයි අනාවරණය වි ඇත්තේ. වත්මන් ශ්‍රිලනීප නායක මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ පිරිසක් සහ චන්ද්‍රිකා,මංගල ඇතුලු කණ්ඩායමක් සමගද විමල් මේ වනවිට සාකච්ඡා කිහිපයක්ම පවත්වා තිබේන බව අනාවරණය වි තිබේ.

2024 වන විට පොහොට්ටුවේ තින්දු ගන්නා පුද්ගලයා මාරු කර ගැනිමට විමල්ට නොහැකි වුවහොත් විමල්ට ඥාණඅක්කා ගේ පිහිටවත් නොලැබෙන බව විමල් දැන් හොදටම ඉගෙන ගෙන අවසන් ය.

මේ වනවිටත් රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කරන වමේ කණ්ඩායම මේ වනවිට එක රේඛාවකට ගැනිමට විමල් සමත්ව ඇති අතර එම වමේ කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල නියෝජනය කරන සමයෙ බලවත්ව සිටි නමුත් මේ වනවිට බැසිල්ගේ පොහොටුට්ටුවේ පරවුන පෙත්තකට ඇති තැනවත් නොලැබෙන කණ්ඩායම් වේ.

රතන,දයාසිරි,ගම්මන්පිල,වාසු,තිස්ස,ජයන්ත,විරසුමන,නවරත්න සහ ගෙවිදු නැගෙනහිර ජැටිය රැක ගැනිම වෙනුවෙන් නැගි සිටියද ඇත්තටම් ඔහුන් සටන් කලේ තමන් නියෝජනයි කරන ආණ්ඩුවේ තැනක් සොයා ගැනිමටය.

අංගසම්පූර්ණ නැති ජනපති!

වත්මන් අභියෝගය නිසි ලෙස ජයගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සෑම අතින්ම ශක්තිමත් කළ යුතු බව ඇමැති විමල් වීරවංශ දිගින් දිගටම කියමින් සිටි.මීට කලින් මෙරට සිටි සියලු රාජ්‍ය නායකයන් පවතින පාලන තන්ත්‍රයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන භූමිකාවක් දැරූ බවයි විමල්ගේ තර්කය වි ඇත්තේ. ජනාධිපතිවරයා අංගසම්පූර්ණ රාජ්‍ය නායකයෙක් වන්නේ එවිට බවයි විමල් පෙන්වා දිමට උත්සහ දරමින් ඇත්තේ. එය හතර බිහිරි කතාවකි. විමල්ගේ පපුව ඇතුලේ ඇති ඇත්ත කතාව් වෙන එකකි.මහින්ද සුලග හැදු විමල් පොහොට්ටුව හදන්නට මයිලක දෙයක් නොකල අතර අවසන් මොහොතෙත් ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයකින් තරග කිරිමට විමල් ගත් උත්සහය දන්නෝ දනිති.එහෙම උනා නම් අද විමල් පොරකි.

විමල් ජවිපෙ සිටින සමයේ සිටම ෆෝබියා කිහිපයක් ප්‍රබලවම තිබු අයෙකු වේ. එකක් ඉතාම පෞද්ගලික කරුණකි.අනික දෙවන බස හෙවත් ඉංග්‍රීසි භාෂාවය අනිත් පැත්තෙන් තමන්ගේ කතාවට ගැලපෙන අකාරයට අත්පුඩි ගැසීම සහ හුරේ දැමිමය. ඒ කාලේ විමල්ගේ කතා වෙනුවෙන් වෙනම කණ්ඩායම් කිහිපයක් රැස්විම් වල සෙනග අතර රැදි සිටින ඔහුන් අවශ්‍ය වෙලාවට විමල්ට හුරේ දමා අත්පොලසන් දෙන අතර සේසු අනුගාමිකයෝද එය තිතටම අනුගමනය කලේය.

ඒ නිසාම මහින්ද සමග දේශපාලනට පිවිසි විමල් රැස්විම් ඇමතුවේ ජනාධිපති අපේක්ෂකයා කතා කර අවසන්වු විටය. විමල් එහිදි පෙන්වා සිටියෙ තමන් කලින් කතා කලහොත් සෙනඟ රැස්විමේ රැදි නොසිට යනු ඇති බවට භියක් ඇති කරමියන්.නමුත් පොහොට්ටු වේදිකාවේ විමල්ට ඒ අවස්ථාව හිමිවුයේ නැත.විමල්ට ගෝඨාභයට පෙර කියන දෙයක් කියා බැස යන්නට විය. දැන් විමල්ගේ හීන මානය දැඩි ලෙස අර්බුදයකට ගොස් හමාරය එය හොදටම හොද කළේ පසුගිය මහා මැතිවරණයේදිය.ඒ කොළඹ ලැයිස්තුවේ 2 තැන හිමිකර දෙමින්.

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය විමෙන් පසුව විමල් මහින්ද සුලග නිර්මාණය කිරිමට කටයුතු කලේද ශ්‍රිලනිපයේ බලය මහින්ද අතින් ගිලිහී යාම නතර කර ගැනිමට වන අතර නමුත් පසුව අවසානයේ මහින්ද තමන්ගේ වංචා,දුෂණ වලින් ගැලවිම සදහා මෛත්‍රීට ශ්‍රිලනිපය භාරදුන් අතර විමල්ව බැසිල්ට යටකිරිමටද මහින්ද එහිදි කටයුතු කරනු ලැබුවා. නමුත් විමල් දිගටම ශ්‍රිලනිපය සමග සබඳතාවයන් තර කර ගැනිමට කටයුතු කල අතර ජනාධිපතිවරණ සමයේ හිටං.. හුටං… යනුවෙන් අපහාස කලද මෛත්‍රී සමග සaජු සහ සමීප සබඳතාවය පැවැත්වු ගෝඨාභයට පමණක් විමල් දෙවැනි බව දන්නෝ දනිති. දින 52කට මහින්ද අගමැති වු අවස්ථාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක තනතුර විමල් ඉල්ලා සිටියේද ඒ නිසාය.

ගෝඨා,මෛත්‍රී සම්බන්ධය …..

මෛත්‍රී ජනාධිපති වු සැනින් කලුවරේම සාකච්ඡා කර ගෝඨා ගොඩදැමීමට මෛත්‍රී කල වැඩ කිසිවිටක ගෝඨාභය ජනපතිට අමතක කල නොහැක.ඒ නිසාම තවමත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලින් පවා ගැලවි සිටිමට තරම් මෛත්‍රී වාසනාවත් වි තිබේ.විමල්ද ඊට නොදැවිනිය පාස්පොර්ට් සිද්ධියේ සිට දුෂණ චොදනා රැසකින් ගැලවි සිටියේ මෛත්‍රීගේ පිහිටෙනි.අවසානයට සජිත්ව ගොනාට අන්දවා ශ්‍රිලනිපයේ සහය ගෝඨාභයට දි සජිත්ට පාඩමක්ද ඉගැන්වීමට මෛත්‍රී කටයුතු කලේ ගෝඨාභය නිසාය.එසේනම් ආපසු දිනක ගෝඨාභය වෙනුවෙන් මෛත්‍රීට ගහන ගේම් එකකට අත ගහන එක සිම්පල් දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එසේනම් ගෝඨාභය අතට පක්ෂය ගියහොත් කුමක් සිදුවේද? එය මහින්දගෙන් මෛත්‍රී අතට ශ්‍රිලනිපය ගියාට වඩා අනන්ත වනු ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඇමති ජී.එල්. පීරිස් කල ප්‍රකාශයක්….

“අපේ සන්ධානය තුළ මත ගැටුම් ඇති වීම් අමුතු දෙයක් නෙවේ. පසුවිපරමක් ගන්නවානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භය අපි මතක් කල යුතුයි. විවිධ අභියෝගවලට මුහුණ දිලයි පක්ෂය පිහිටුවන්න පුළුන් වුණේ. ප්‍රබල මතයක් ඉදිරිපත් වුණා අලුත් පක්ෂයකට අවශ්‍යතාවයක් නෑ කියලා. ඒකාබද්ධ විරුද්ධ පක්ෂයක් ප්‍රමාණවත්. එදා පැවතුණු යහපාලන රජයට විරුද්ධව ප්‍රබල වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුවෙන් ඇතුළත හා පිට ගෙනයාම සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ප්‍රමාණවත් මතය පුන පුනා ගෙන ගියා. බැසිල් රාජපක්ෂ විශාල මෙහෙයක් දක්වලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බිහි කළේ. එතුමා ඒක කළේ පැහැදිලි ප්‍රතිපත්තියක් මත පිහිටලා. අපට නිවහනක් අවශ්‍යයි. එතන හිඩසක් තියෙනවා. ඒ හිඩස පිරවීම අවශ්‍යයයි කියලා ස්ථාවරය මත බැසිල් රාජපක්ෂ අපේ පක්ෂය බිහිකිරීමට දැඩි උත්සහයක් දැරුවේය.”

විමල්ට ලැබුන අභියෝගය….

චන්ද්‍රිකා-මංගල හරහා විමල්ට ලැබුන අභියෝගය යම් දුරකට තහවුරු කිරිමට විමල් සමත් වුවද මේ වනවිට විමල් යලි ආරක්ෂාකාරි පියවරකට පසුබසිමින් සිටි. ඊට හේතු වි ඇත්තේ කල්තියා පොහොට්ටුව අතහැර ගියහොත් අවසානයේ අල්ලපු වත්ත සහ පයගහපු වත්ත යන් දෙකම නැතිවන නිසා බව පැහැදිලිය.විමල්ට බැසිල් සමග ඇති අවුල විමල්වත් හරියටම දන්නේ නැත.එ අවුලත් හරියට පී.බි ජයසුන්දර සමග තිබු අවුල වැනිය අන්තිමට පී.බි ආර්ථික ඝාතකයා කර අවුල විසදා ගත්තද අද ගෝඨාභයගේ ආණ්ඩුවේ සියල්ලම මෙහෙය වන්නේ පී.බිය.විමල්ට කිසිවක් කරන්නට නොහැකි බව පසුගියදාද රටටම පෙන්වා අවසන්‍ ය.

ජාතිකවාදි මෙන්ම් ජාතිවාදී දේශපාලන භූමියේ ප්‍රබලම චරිතය බවට පත් වෙමින් මහින්දලාගේ පිට කොන්දක් බවට පත්ව සිටි විමල් විරවංශට දැන් අලුත් ගමනක් අවශ්‍ය ය.නමුත් අවස්ථා කිහිපයකම විමල් පරිස්සම් වුයේ මහින්දලා අතහැර තනිවම ගිය උන් ගිය මග විමල් දන්නා නිසාය. නමුත් 2024 දි බැසිල් ජනපති විම විමල්ට මරාන්තීකය. අනිත් අතට ශ්‍රි පාදය නගින තැන සිට විවිධ සිහින දැකපු විමල්ට ඊලඟ අගමැතිකම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇතිවිම සමාන්‍යය. නමුත් එම ගමනට ප්‍රධාන බාදාව ලෙස ඔහුන් හදුනාගෙන ඇත්තේ වත්මන් ආණ්ඩුවේ යාන්ත්‍රනය මෙහෙයව වන බැසිල් රාජපක්ෂ වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

21,999FansLike
3,878FollowersFollow
21,200SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles