17.8 C
New York
Friday, December 2, 2022

විමල්ගේ ගේම්එක වාමාංශික නායකයා බැසිල්ට කියයි.. “මොනවා උනත් ලේ වල ඝනකම දියකරන්න බෑ”

පළාත් සභා මැතිවරණයට තරග කිරිමට යාමෙදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බැසිල් අත පැවතියහොත් අවශ්‍ය තරමට අපේක්ෂකත්වය ලබා ගැනිමට නොහැකි වන නිසා පක්ෂ නායකත්වයට බලපෑම් කිරිමට කටයුතු කලයුතු බව විමල් විරවංශ තමන්ට පැවසු බව වාමාංශික පක්ෂ නායකයෙකු අනාවරණය කර තිබේ.අදාළ වාමාංශික නායකයා බැසිල් රාජපක්ෂ හමුවි මේ බව අනාවරණය කර තිබේන බවයි News One දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

ඉදිරි පළාත් සභා මැතිවරණවලදී තරග කොට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) තනි බලයක් නිර්මාණය කිරිම සදහා බැසිල් ඉතා සූක්ෂ්මව කටයුතු කරමින් සිටින බව විමල් විවිධ කරුණු ගෙනහැර දැක්වු බවයි වාමාංශික නායකයා සදහන් කර ඇත්තේ.

පළාත් පාලන මැතිවරණයට තරග වැදිමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග තරග කිරිමට සුළු පක්ෂ කටයුතු කරන්නේ නම් අනිවාර්යයෙන්ම එම අපේක්ෂකයන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගතයුතු බව මේ වනවිට බැසිල් රාජපක්ෂ තින්දුකර තිබේ. ඒ අනුව විමල්ගේ පක්ෂය ඇතුලු සුළු පක්ෂ කිසිවකට පාර්ශ්වයක් ලෙස මැතිවරණයට තරග කිරිමට අවස්ථාවක් හිමිවන්නේ නෑ.

ඒ අනුව දේශපාලනික බංකොළොත්භාවයට පත්ව සිටි විමල් නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදෙන බව දැන දැනම ලොකු රංගනයක් කරමින් ඒ මුවාවෙන් සුළු පක්ෂ එකතු කරගෙන ඇති අතර පසුව සිදුවු සාකච්ඡාවලදි ඇත්ත තත්ත්වය කුමක්ද යන්න මතුව තිබේ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 12 ක් පලමු වටයේ විමල් සමග හිටගත් නමුත් පසුව එය 5 දක්වා පල්ලම් බැසිමට හේතුව වුයේද විමල්ගේ මේ රංගනයයි.

මහින්ද, ගෝඨාභය හොඳ වන විට විමල්ට බැසිල් නරක් විමට ප්‍රබල හේතුවක් තිබේ.ඒ මහා මැතිවරණයේදි මෙන්ම ජන පදනමක් නොමැති විමල්ලා උපරිමයෙන් හෑල්ලුවට ලක්කර ඉතුරුව තිබේන අන්තිම සොච්චම් බලයද බිද දැමිමයි.

විමල් පසුබසි….

මේ අතර බැසිල් රාජපක්ෂ සමග ඇතිකරගෙන තිබේන ගැටුම්කාරි තත්ත්වය වහාම පාලනය කිරිමට කටයුතු කල බව විමල් සිය සගයන් කැදවා පෙන්වා දි තිබේ. සමාජජාල හරහා පලවන පුවත් තමන්ට් දැඩි ලෙස හානිදායක බව පෙන්වා දි ඇති විමල් තව දුරටත් එය වර්ධණය වුවහොත් තමන්ට ඇමතිකම පවා අහිමි විමේ තත්ත්වයක් උදාවනු ඇති බවයි විමල්ගේ මතය වි ඇත්තේ.ඒ අනුව එක් පියවරක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවි සාකච්ඡා කරන බවට විවිධ පුවත් පලකිරිමට විමල් ඇතුලු කල්ලිය කටයුතු කර තිබේ.

පසුගිය දින කිහිපය තුල විමල් බැස්ල් සමග ගේම ඉල්ලුවද මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ….. ඇතුලු රාජපක්ෂලා සියලුම දෙනා පොහොට්ටු පක්ෂයේ නායක බැසිල් රාජපක්ෂ වටා සිටින බව දන්නා විමල් දැන් පසුබැස තිබේ.විමල් සිය සමීපතම සගයන් හමුවේ සදහන් කර ඇත්තේ “මොනවා උනත් ලේ වල ඝනකම දියකරන්න බෑ” යනුවෙනි…

නමුත් ඇත්තම කතාව වෙනම එකකි.රටේ දේශපාලනයට අනුව වීරවංශට රාජපක්ෂවරුන් හැරගොස් නතර විය හැකි තැනක් නැත. 2024 එක්කෝ බැසිල්ට සහය දිය යුතුය නැතහොත් සජිත් හෝ චම්පික තොරාගත යුතුය.එසේනම් විමල් කල යුත්තේ කුක්කකු සේ නකුට පස්සේ අස්සේ ගසා ගෙන සිටිය යුතුය. නැතහොත් දේශපාලණිකව විනාශ වි අතුරුදහන් විය යුතුය. තොරාගැනිම විමල් සතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

21,999FansLike
3,587FollowersFollow
20,300SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles