17.8 C
New York
Friday, August 19, 2022

Port City ලෝකයේ කළු සල්ලි ජාවාරමේ තිප්පොළක්? පූර්ණ ෆෙඩරල් රටකට පාර කපන හැටි! Video

යෝජිත කොළඹ වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ නීතියේ බලයට බරපතල තර්ජනයක් ඇති කරනු ඇති බව ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක පෙන්වා දෙනවා. පසුගිය මාර්තු 24 වන දා රජය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කල යෝජිත කොළඹ වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු බලතල කොළඹ වරාය නගර භූමි ප්‍රමාණයට අදාළව අත් හැරීමක් සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 76 ව්‍යවස්ථා ද 145 සිට 150 දක්වා ව්‍යවස්ථාවන් හි අන්තර්ගත කරුණු කෙරෙහි පැහැදිලි අභියෝගයක් එල්ල කරන බවත් මෙම පනත් කෙටුම්පතට අනුව යෝජිත කොමිසමට අදාළ භූමියේ අයිතිය ජනාධිපතිවරයා විසින් පිරිනැමීමට නියමිත අතර එය ස්ථිර හා සදාකාලික පැවරීමක් වනු ඇති බවයි ශිරාල් ලක්තිලකගේ අදහස වි ඇත්තේ.

කොළඹ වරාය නගරය ලෙස හැඳින්වෙන විශේෂිත ආර්ථික කලාපයක් Colombo International Financial City පිහිටුවීම සඳහා 2021 ජනවාරි මස 04 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය කෙරෙන නීතිමය ප්‍රතිපාදන ලැබීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදන විසින් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරන ලදී.

ඒ අනුව Port City කලාපය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැනට පනවා ඇති පනත් හතක් ප්‍රකාශිතවම අදාළ නොවන බවට බැහැර කර ඇති අතර දේශීය අදායම් පනත, බැංකු වලට අදාළ නීති ඇතුලු තවත් නීති 14 ක් සඳහා ව්‍යාතිරේඛී රෙගුලාසි සෑදීමේ බලය ද අදාළ භූමියේ පාලනය හිමි කොමිසම විසින් දැරීමට නියමිතය.

එතුළින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලතල ද මෙම භූමියට අදාළව පාර්ලිමේන්තුව විසින් අත් හැර යෝජිත කොමිසමට පවරනු ඇති බවත් ඒ හරහා එම භූමියට අදාළ බදු හෝ වෙනත් රජයේ ආදායම් ශ්‍රීලංකාවේ ඒකාබද්ධ අරමුදලට බැරවීම මෙම කෙටුම්පත තුළින් බැහැර කර ඇත.

ඒ හරහා අනාගතයේ ලෝකයේ කළු සල්ලි ජාවාරමේ තිප්පොළක් බවට ද මෙම බිම් තීරුව පත්වීමේ හැකියවක් පවතීන අතර එපමණක් නොව සුරාබදු නීතියට පවා ව්‍යාතිරේඛී රෙගුලාසි සෑදීමේ බලය ඇති එකී භූමිය තුළ කැසිනෝ ව්‍යාපාර, ගණිකා වෘත්තිය වැනි චීනයේ දැනටත් නීත්‍යානුකූල ව්‍යාපාර පවා ඇතිවීමේ ඉඩකඩ තිබෙන බවයි ලක්තිලක පෙන්වා දෙන්නේ.

කොමිසමට විදේශ රාජ්‍යයන් සමග ද ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සැලසීම දැනට ලංකාවේ පළාත් සභා තුළ පවා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් බවත් එය එම කොමිසමට පූර්ණ ෆෙඩරල් ඒකකයක් ලෙස වර්ධනය වීමට අවස්ථාව සැලසීමක් බවද නීතීඥ ශිරාල් ලක්තිලක පෙන්ව දෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

21,999FansLike
3,440FollowersFollow
20,000SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles