Home I News කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ ඊලග කොල්ලය ඇරැඹේයි… WM මෙන්ඩිස් සමාගමට යලිත් අවසරය…

කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ ඊලග කොල්ලය ඇරැඹේයි… WM මෙන්ඩිස් සමාගමට යලිත් අවසරය…

0

අවස්ථා ගණනාවකදි අප අනාවරණය කල පරිදිම මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ට අයත් WM මෙන්ඩිස් සමාගමට යළිත් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා සුරා බදු දෙපාර්තමෙන්තුව විසින් අවසර ලබා දී තිබේ.

මෙන්ඩිස් අරක්කු සමාගම බිලියන 20කට ආසන්න බදු වංචාවක් සිදු කිරිම හේතුවෙන් එම සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා ලබාදී තිබූ බලපත්‍රය තාවකාලිකව නවතා දමා තිබුණි.කෙසේ වෙතත් දැඩි කොන්දේසි යටතේ ඔවුන්ට යළිත් මත්පැන් නිශ්පාදනය කිරීම සඳහා අවසර ලබාදී තිබේ.

වත්මන් ආණ්ඩුවේ කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ව්‍යාපාරිකයෙකු මේ වනවිටත් ඇලෝසියස්ලාට අයත් සමාගම් රැසක් මෙහයවනු ලබනු අතර ඒ හරහා ඇලෝසියස්ලා සහ රාජපක්ෂලා අතර තිබු බැදිම තවත් ශක්තිමත් කර තිබේන අතර සමස්ථයක් ලෙස ඇලෝසියස්ලාගේ සියලුම දෙපළ කොල්ල කැම සදහා කුප්‍රකට ව්‍යාපාරික වළල්ලේ තවත් මෙහෙයුමක් ලෙස WM මෙන්ඩිස් සමාගම යලි කරලියට එන බව නොරහසකී.ඒ හරහා බැදුම්කර වංචාවට වරදකරු විමේ අවස්ථාවෙන් පැන ගැනිමට ඇලෝසියස්ලාට පමණක් නොව කරුණානායකලාටද හිමිවනු ඇත.

ඒ පිලිබඳ තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න …

මෙන්ඩිස් අරක්කු සමාගම බිලියන 20ක මුල්‍ය වංචාවක! දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බිලියන 6ක පොල්ලක්! මෙන්න සාක්ෂි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස්ගේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් 6,182,975,353ක මුදලක් (බිලියන 6ක් ) ක බදු මුදල් ගෙවා නොමැති බව අනාවරණය වි තිබේ.අදාළ මුදල් අයකර ගැනිම සදහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා පවරා තිබේ.ඒ අනුව 2006 අංක 10 දරණ දේශිය ආදායම් පනතේ 179(1)ක වගන්තිය යටතේ නිකුත් කර ඇති බදු මුදල වන රුපියල් 2,627,486,756ක මුදලක් මෙන්ම 2002 අංක 14 දරණ එකතු කල අගයමත බදු පනතේ 43(1)ක වගන්තිය යටතේ ගෙවිය යුතු බදු මුදල රුපියල් 3,555,488,597ක්ද ගෙවා නොමැති බවයි අධිකරණය හමුවේ පෙන්වා දි ඇත්තේ. (දේශිය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉදිරිපත් කල ලේඛන පහත ඇත.)

ආනයනික සීනි සඳහා පැනවූ බදු වංචාවක් මගින් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කල කුප්‍රකට ව්‍යාපාරික වළල්ල මහා බැදුම්කර මුල්‍ය වංචාව හරහා රටට අහිමි වු මුදල් වෙනුවෙන් රඳවාගෙන තිබේන බිලියන 12ක මුදල කොල්ල කැම සදහා සුදානම් වන බව අනාවරණය වෙමින් තිබේන බවද අප පසුගිය කාලසිමාවේ අනාවරණය කළා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here