Home I News කුප්‍රකට නිධන් අනාවැකිකරු අරලියගහ මන්දිරයේ! යෝෂිත සමග ගණුදෙනුක්!

කුප්‍රකට නිධන් අනාවැකිකරු අරලියගහ මන්දිරයේ! යෝෂිත සමග ගණුදෙනුක්!

0

නිදන් සහ මැණික් සම්බන්ධයෙන් කුප්‍රකට අනාවැකිකරුවෙකු ලෙස ප්‍රසිද්ධයක් උසුලන මාතලේ ආදීල් නැමැත්තා මේ දිනවල අරලියගහ මන්දිරයේ සිට මෙහෙයුමකට සුදානම් වන බව විශේෂ ඔත්තුකරුවෙකු අනාවරණය කර සිටි.

අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී යෝෂිත රාජපක්‍ෂ සමග පසුගිය දින කිහිපයේ අවස්ථා කිහිපයක් සාකච්ඡා පවත්වා ඇති ආදීල් මේ දිනවල අරලියගහ මන්දිරයේම නතරවි මෙම මෙහෙයුම දියත් කරමින් සිටි. ආදීල් නැමැත්තා මුස්ලිම් ජාතික ‘ගුප්ත විද්‍යාව’ පිළිබඳව ප්‍රවීනයෙකු වන අතර ඔහුගේ බලය භාවිතාකර නිදන් හෝ මැණීක් ඇති ස්ථාන සොයා ගැනිමට හැකියාව ඇත්තේකු වේ. ඊට අමතරව විවිධ කට්ටඩි වැඩ කිරිමටද ආදිල් සතුව විශේෂ දක්ෂතාවක් තිබේන බව සිරිසේන – මහින්ද මුට්ටු කිරිමේ කුමන්ත්‍රණයේද ඔප්පු කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වි සිටි සමයේ ජනපති පුටුවේ බලය සියතට ගෙන කටයුතු කල චතුරිකා සිරිසේන,ආදීල් සමග සමීප ලෙස එක්ව කටයුතු කල අතර එම කාලය තුල නිධන් කිහිපයකටම වගකිමට චතුරීකා කටයුතු කල අතර පසුව ඇතිවු කොටස් බෙදාගැනිමේ අවුලක් හේතුවෙන් ආදීල් -චතුරීකා හොදහිත පළුදු වි තිබේ. ආදීල් රාජපක්ෂ පවුලේ බිරින්දැවරුන් සමගද විවිධ සමීප සබඳතාවයන් තිබේන බවටද තොරතුරු වාර්තා වි තිබේ.

මීට අමතරව ආදීල් රත්නපුර මැණීක් ව්‍යාපාරිකයන් සමගද සමීප සබඳතාවයන් පවත්වන අතර එම ව්‍යාපාරිකයන්ට මැණීක් පතල් ඇති ස්ථාන සොයා ගැනිමට ආදීල්ගේ ගුප්ත බලය යොදා ගැනිමද සිදුවන බව ප්‍රසිද්ධ කරුණකි.

ඒ අනුව ආදීල්,යෝෂිත සමග එක්ව අරලියගහ මන්දිරයේ සිට කරන්නට යන්නේ කුමක්ද යන්න හරියටම පැහැදිලි නැති නමුත් විශේෂ ඔත්තුකරු අනාවරණය කළේ මෙය රාජපක්‍ෂලා ගේ නිධන් හැරීමේ උන්මාදයේම තවත් පියවරක් විය හැකි බවයි.

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය පසුපස ඇත්තේද රාජපක්ෂලාගේ නිධන් හෑරීමේ උන්මාදය බව නොරහසකී.

අගමැතිගේ බලය ගෙන ප්‍රභල දේශපාලනඥයකුගේ සහයෝගය මත කිරිඇල්ල, හැරනියාවක හන්දිය ප්‍රදේශයෙන් ගලායන කළු ගඟේ ‘‘නිධානය’’ නමැති ස්ථානයේ අනවසර මැණික් ගැරීමේ කටයුතු පසුගිය වසරේ කොරෝනා සමයේ සිදුවු අතර ඒ පසුපසද ආදීල් සිටි බව අනාවරණය වි තිබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here