Home I News දෙයියෝ සාක්කී…. හොරු රැලක් හොරට ඉන්න රටක්! අමාත්‍ය මණ්ඩලයම නීති විරෝධීයි! Video

දෙයියෝ සාක්කී…. හොරු රැලක් හොරට ඉන්න රටක්! අමාත්‍ය මණ්ඩලයම නීති විරෝධීයි! Video

0

19 වන සංශෝධනයෙන් පත් වූ අමාත්‍ය මණ්ඩලයට 20 වන සංශෝධනයෙන් ඉබේම අමාත්‍යවරු වන අන්තර්කාලීන විධිවිධානයක් 20 වන සංශෝධනයේ ඇතුලත් කර නැති හෙයින් වර්තමානයේ අමාත්‍ය මණ්ඩලයක් රටේ ක්‍රියාත්මක නැති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

අන්තර්කාලීන විධිවිධානයක් 20 වන සංශෝධනයේ ඇතුලත් කර නැති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව අනුව පත් කළ අමාත්‍ය මණ්ඩලයක් 2020.10.29 දින සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැත.

(ඇමති මණ්ඩලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2020.08.12 දින පත් කළත් 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් (2020.10.29 දින සිට) අමාත්‍ය මණ්ඩලයක් පත් කර නැත…

20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇමතිවරු පත්වී නැති නිසා වත්මන් ඇමැති මණ්ඩලය නීති විරෝධී බවත් ඒ හේතුවෙන් වහාම නීතිය රකින ලෙසත් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි රජයෙන් ඉල්ලයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here