Home I News දකුණේ Fail ආණ්ඩුව උතුරේ බිල්ලෝ මවයි! පොලිසිය,හමුදාව නැගෙනහිර අමුතුම සෙල්ලමක!

දකුණේ Fail ආණ්ඩුව උතුරේ බිල්ලෝ මවයි! පොලිසිය,හමුදාව නැගෙනහිර අමුතුම සෙල්ලමක!

0

උතුරු – නැගෙනහිර දමිළ ජනතාව භීතීයට පත්කිරිමේ මෙහෙයුමක් මේ වනවිට දියත්ව තිබේන බව උතුරේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා පොලිසිය සෙනසුරාදා සවස සිට ත්‍රිකුණාමලය නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති අතර “පොලිස් ආඥාපනත-76 වගන්තිය යටතේ ප්‍රකාශය” යන මාතෘකාවෙන් යුත් ආකෘති භාෂා තුනකින් මුද්‍රණය කර තිබේන බවයි වාර්තා වන්නේ.

පුද්ගලයන් ලියාපදිංචී කරන මුවාවෙන් පොලිසිය පෞද්ගලික තොරතුරු එකතු කරමින් සිටින බවත් පොලිසියේ වාග් විලාශය ජනතාව භීතියට පත්කරන ස්වරූපයයෙන් සිදුවන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

නිවැසියන් සමඟ ස්ථිරව සහ තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින්ගේ නම් සහ ඔවුන්ගේ රැකියාව ලබා දෙන ලෙස ප්‍රධාන පදිංචිකරුවන්ගෙන් ඉල්ලා ඇති අතර නිවස්වල හිමිකම් සම්බන්ධයෙන්ද තහවුරු කිරිමට සිදුව තිබේ.

පසුගිය සතියේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් ලියාපදිංචිය ආරම්භ කල අතර මඩකලපුව නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල තම පැමිණීම ලියාපදිංචි නොකර මඩකලපුවේ රැඳී සිටීම නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම තරුණයන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනතාව අතර භීතිය ඉහල යැමට ප්‍රධානම හේතුව වි ඇත්තේ 1990 ට පෙර සිටම LTTE ව්‍යාපාරයෙන් ඉවත් වූ හිටපු සාමාජිකයන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කඳවුරුවලට ගෙන්වා ඇඟිලි සලකුණු ලබාගෙන ඡායාරූප ගත කර ගැනිමයි. එහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා පොලිසිය එවැනි දත්ත රැස්කිරීමේ අරමුණ පිළිබඳව නිවැසියන් දැනුවත් කර නොමැති විමයි.

මේ හේතුවෙන් මඩකළපුව,ත්‍රිකුණාමලය සහ තදාසන්න ප්‍රදේශවල සිසුන් සහ අනෙකුත් සිසුන් අධ්‍යාපනය සහ රැකියා සඳහා මඩකලපුවේ රැඳී සිටින අතර, තම ගමනාගමනයේ නිදහසට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේ යැයි බියෙන් සිටින බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

දකුණේ රාජපක්ෂ රජය මුහුණ දි සිටින දේශපාලන අර්බුදය හමුවේ උතුරේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කර ඒ හරහා දේශපාලන වාසී ලබාගැනිමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.

නැගෙනහිර පළාත තුල ද්‍රවිධ,සිංහල,මුස්ලිම් යන ජනවර්ග තුනම මිශ්‍රව ජිවත් වන අතර ඔහුන් අතර සැක සංකා මතුකිරිම හරහා නොසන්සුන්කාරී තත්ත්වයක් මතු කිරිම දකුණේ අසාර්ථක ආණ්ඩුවේ උත්සහය වි තිබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here