හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන අද (13) ඥානඅක්කාගේ දේවාලයේදි විශේෂ පුජාවකට සහභාගි වි තිබෙන බව එහි සිටි අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
මේ වන විට පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ අවසන් වාර්තාවට අනුව මෛත්රීගේ ප්රජා අයිතිය අහෝසි කිරීමට පාස්කු කොමිසම නිර්දේශ කර තිබිම මෙම හදිසි පුජාවට හේතුව බවයි වාර්තා වන්නේ.
සමාන්යයෙන් VVIP පුද්ගලයන් සදහා සිදුකරන් මට්ටමේ පුජාවක් අද උදෑසන සංවිධානය කර තිබු අතර ජිවිත ආරක්ෂාව පතා විශේෂ භාරයක් සිදුකර ඇති අතර ඒ සදහා රනින් කල කාලී පිළිමයක්ද එහිදි සිරිසේන හිටපු ජනාධිපතිවරයා පුජා කර තිබේ.
පාස්කු ඉරිදා දින බෝම්බ ප්රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත්කර ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රජා අයිතිය වසර 7 කට අහෝසි කළ යුතු යැයි නිර්දේශයක් ඉදිරිපත් වී ඇති බව පසුගිය දිනවල අනාවරණය වු අතර අදාළ විමර්ශන කොමිසමේ අවසන් විදේශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මේ වනවිට ලබාදී තිබේ.
කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ පුජාවට සහභාගි විමට අමතරව ජනාධිපතිවරයාට පණිවිඩයක් ලබාදිම සදහා මෛත්රීපාල සිරිසේන ඥාන අක්කා හමුවිමට ගොස් ඇති බවයි. මේ වනවිට ජනාධිපතිවරයා මෙහෙයවන 4 දෙනාගේ කල්ලියේ ප්රමුඛ ස්ථානය දරණුයෙ ඥාන අක්කා වන අතර ඔනෑම වෙලාවක ඇයගේ ඇමතුමකට ජනපති ගෝඨා පිළිතුරු දෙන අතර “අනේ මයේ පුතේ මේ වැඩේ කරලා දෙන්න ” යන වචනය පමණක් ප්රමාණවත් බව මේ වනවිට නොරහසකි.