17.8 C
New York
Thursday, December 1, 2022

B+ සිට CCC දක්වා කඩා වැටුන BOC

ෆිච් (Fitch) ශ්‍රේණිගත කිරීම් සමාගම ලංකා බැංකුවේ (IDR) ශ්‍රේණිගත කිරීම ‘B-‘ සිට (‘CCC’) දක්වා පහත දමා තිබේ. ඒ අනුව ජාත්‍යන්තර ණය ගැනිමේදි ලංකා බැංකුවට ඉතා ඉහල පොලී අනුපාතයකට මුහුණ දිමට සිදුවනු ඇත.නොවැම්බර් 27 වන දින සිට බලපැවැත්වෙන අකාරයට එම B සෘණ මට්ටමේ සිටි ලංකා බැංකුව C ත්‍රිත්වය දක්වා පහළ දැමිම සිදුකර තිබේ.

BOC හට ලැබුන සහතිකය

ජාත්‍යන්තර ණය ගැනිමේදි ෆිච් (Fitch) ශ්‍රේණිගත කිරිම සaජුවම බලපෑම් එල්ල කරන අතර රටතුල මතුවන ආර්ථික අස්ථාවරත්වය මෙන්ම දේශපාලන අස්ථාවරත්වයද එම මිණුම් දණ්ඩ කෙරෙහි සaජුවම බලපැම් එල්ල කරනු ලබනවා. 2007 වසරේදි B ශ්‍රේණිය සහිතව මුල්‍ය වෙළද පොල තුල ස්ථාවරයක් හිමිකරගෙන සිටි ලංකා බැංකුව (BOC) දිගින් දිගටම සිය ස්ථානය අහිමිකර ගෙන තිබේ. 2021 වසර සදහා පසුගියදා ඉදිරිපත් කෙරෙනු අයවැය වාර්තාව ෆිච් (Fitch)පහත වැටිමට ප්‍රධානතම හේතුවක් වන අතර ඒ අනුව ලංකාවේ මුළ්‍ය වෙළද පොල ලබා ගන්නා ණය යලි ගෙවිමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය අහිමි කරගෙන තිබේ.

2018 වසරේ ඔක්තෝබර් මස 26 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැතිවරයා බලයෙන් පහකර නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරිම හරහා ඇතුවූ දේශපාලන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම B+ සිට B ශේණිය දක්වා පහළ දැමිමට ෆිච් රේටින්ග් ආයතනය කටයුතු කලා.විදේශීය මූල්‍යකරණ ඉහළ අවධානම, ප්‍රතිපත්ති වල පවතින අස්ථාවරත්වය, මූල්‍ය ප්‍රතිපතියේ ඇතිවිය හැකි අහිතකරතා මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වී ඇති බවයි ඔහුන් එහිදි ප්‍රධාන වශයෙන් පෙන්වා දි තිබුනේ. ඒම අර්බුදය ඇතුලු තවත් කරුණු කිහිපයක් මුලික කරුණු ලෙස එහිදි දක්වා තිබුනා. පසුව 2020 අප්‍රේල් ආරම්භයේදී ණය ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ B මට්ටමේ සිටි ශ්‍රී ලංකාව B- දක්වා පහත හෙළනු ලැබීය.

D දක්වා යන ගමන් මග….

ෆිච් යනු ලොව ප්‍රධානතම ණය ශ්‍රේණි ගත කිරීමේ ආයතන තුනෙන් එකක් වන අතර අනෙක් ආයතන දෙක වන්නේ මූඩිස් (Moody’s) සහ එස් ඇන්ඩ් පීය. (S&P- Standard and poor’s)යි. මෙම ආයතන විසින් සිදුකරනු ලබන්නේ ලොව රටවල සමාගම්වල සහ පුද්ගලයන්ගේ (තෝරාගත්) ණය ගෙවීමේ හැකියාව තක්සේරු කිරීමයි. එනම් රටක් හෝ ආයතනයක් ලබාගන්නා ණය ආපසු ගෙවීමට පවතින හැකියාව පුරෝකතනය කිරීමයි. ෆිච් විසින් ශ්‍රී ලංකාව B- සිට CCC දක්වා පහත හෙළනු ලැබීම ඔස්සේ කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව දුර්වලවී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ණය ෆිච් රේටින් වර්ගීකරණයට අනුව “CCC” දක්වා පහත හෙලීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ “රටේ ආර්ථික ස්ථායිතාව සහතික කිරීම හා ගැටලු විසඳීම සඳහා නව රජයේ ශක්තිමත් ප්‍රතිපත්ති රාමුව හඳුනා ගැනීමට අපොහොසත්වන බැවින් මෙම පහත හෙලීම පිළිනොගන්නා බවයි.ණය මුදල් සම්බන්ධව 2021 රජයේ අයවැයේ ප්‍රධාන යෝජනා කිහිපයක් ෆිච් රේටින් විසින් නොසලකා හැර ඇති බව ද මෙහි වැඩිදුරටත් දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

21,999FansLike
3,587FollowersFollow
20,300SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles