මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයිම මැඩපැවැත්වීම යටතේ මහ බැංකුවේ (Central Bank of Sri Lanka) මුල්‍ය බුද්ධි එකකය මුල්‍ය ආයතන 3කින් දධ අයකර ගැනිමට කටයුතු කර තිබේ.
ඒ සියපත ෆිනෑන්ස් , සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සහ රිචඩ් පිරිස් ෆිනෑන්ස් (Siyapatha Finance,Softlogic Finance,Richard Pieris Finance) යන මුල්‍ය ආයනත සදහයි.
Anti Money Laundering (AML) and Counter Terrorism Finance laws (CTF) යටතේ අදාළ මූල්‍ය ආයතන 3 සදහා දඩ නියම කල බවයි මහ බැංකුවේ මුල්‍ය බුද්ධි එකකය සදහන් කර ඇත්තේ.ඒ අනුව රුපියල් මිලියන 2.3 ක දඩ මුදලක් අදාළ මුල්‍ය ආයතන සදහා නියම කර තිබේ. මහා බැංකුවේ මුල්‍ය බුද්ධි එකකය නිකුත් කල නිවේදනය පහත දක්වා ඇත.
සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත මුල්‍ය සමාගමක් ලෙස ‘සියපත ෆිනෑන්ස්’ පවත්වාගෙන යන අතර සම්පත් බැංකු සමුහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ හර්ෂ අමරසේකරය.
සොෆ්ට්ලොජික් (Softlogic Plc) සමාගම් සමුහයේ හිමිකරු ලෙස කටයුතු කරනුයේ අශෝක පතිරගේ වන අතර මෑත කාල සීමාවේ මුල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ඔහුගේ නාමය ඈදී තිබේ. කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් ද පතිරගේ ට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයකි.
රිචඩ් පිරිස් ෆිනෑන්ස් මුල්‍ය සමාගම Dr. Yaddehige ආචාර්ය සේන යද්දෙහිගේ සභාපතිත්වයෙන් යුත් රිචඩ් පිරිස් සමාගම යටතේ පවත්වාගෙන යන මුල්‍ය ආයතනයකි.
