විදුලිබල මණ්ඩලයට සිදුවන බිලියන ගණනාවක පාඩුව වළකා ගැනිම සදහා විදුලි බිල දෙගුණයකින් පමණ වැඩි කිරිම සදහා සුදානමක් තිබේන බව වාර්තා වේ.ලංකා විදුලි පාරිභෝගික සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ 2021 වසරේ සිට විදුලි ඒකකයක් සඳහා රුපියල් 2.50ක් වැඩි කිරිමට කටයුතු කරනු ඇති බවත් මේ හේතුවෙන් සාමාන්‍ය විදුලි පාරිභෝගිකයාගේ විදුලිබිල රුපියල් 1800 සිට 3600 දක්වා ඉහළ යාහැකි බවයි.
විදුලිබල මණ්ඩලයට සිදුවන බිලියන ගණනාවක පාඩුව වළකාගත නොහැකි විම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත විමර්ශනයක් සිදුකිරිමට කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ADB (Asian Development Bank) ඩොලර් 1,750,000ක(Us$ 1.75) ණය ආධාර මුදලක් 2017 දෙසැම්බර් 11 දින මේ සඳහා අනුමත කර තිබේ.
ඒ අනුව චීන සමාගමක් සහ ශ්‍රි ලංකාවේ සමාගමක් එක්ව අදාළ විමර්ශනය සිදුකර ඇති අතර විමර්ශනයේදී පෙන්වා දී ඇත්තේ 2016දී පෞද්ගලික අංශයේ ඞීසල් විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම 16%ක් ව තිබී ඇති අතර මේ වන විට එය 32% දක්වා ඉහළ ගොස් ඇති බවයි. අදාල චීන සමාගම China Energy Engineering Group Guangdong Electric වන අතර එය චීන රජයට අනුබද්ධිත සමාගමක් වන අතර ශ්‍රි ලංකාවේ Resource Management Associates Pvt. Ltd යන පෞද්ගලික සමාගම කටයුතු කර තිබේ. (ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් බලාපොරොත්තු වන්න )
එනිසා 2021 සිට ඉදිරි වසර තුනේදී මෙවැනි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් බිලියන 443ක මුදලක් වැය විය හැකි බවත් එම මුදළ ආවරණය කර ගැනිම සදහා විදුලි ඒකකයක් සඳහා රුපියල් 2.50ක විදුලිය මිල වැඩිවීමක් ඉදිරි වසර තුනේදීම සිදුවිය යුතු බවයි.
සමාන්‍යයෙන් මිට පෙර අවස්ථා වලදි විදුලි බිල ඉහළ නැංවීමේදී මුදල් අමාත්‍යාංශය, මහජන උපයෝගිතා කොමිසම සමග සාකච්ඡා කර ර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිම හරහා සිදු කලද මේ වනවිට ඩොලර් මිලියන ගණනින් විවිධ සමාගම් වලට ගෙවා වාර්තා සකස් කිරිම් හරහා එම මිලියන් ගණනද රටේ ජනතාවගේ කර මත පැටවිම වැලැක්වීමට නොහැක.