ෆිච් (Fitch) ශ්‍රේණිගත කිරීම් සමාගම ලංකා බැංකුවේ (IDR) ශ්‍රේණිගත කිරීම ‘B-‘ සිට (‘CCC’) දක්වා පහතට ඇද දැමු ජාතියේ මහා පහන් ටැඹ හෙවත් BOC බැංකුවට චීන සංවර්ධන බැංකුව (China Development Bank) ණය දිම ප්‍රතිකේෂ්ප කර තිබේ.
ලංකා බැංකුව විසින් අයදුම්කරන ලද ණය මුදලකට අදාළව චීන සංවර්ධන බැංකුව විසින් 2021 ජනවාරියේ ලබාදීමට තිබූ වාරිකය ගෙවීම ලංකා බැංකුව ශ්‍රේණියෙන් පහත වැටීම (Downgrade) නිසා ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ.
ලංකා බැංකුව විසින් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂා කර තිබූ මුළු ණය මුදල ඩොලර් මිලියන 140ක් වූ අතර පසුගිය ජූලි මස 19 වෙනිදා පළමු වාරිකය ලෙස චීන සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 70ක් මුදාහැර තිබේ. එහි දෙවැනි වාරිකය ලෙස මුදාහැරීමට තිබූ ඩොලර් මිලියන 70ක මුදල මුදාහැරීම මේ වනවිට නතර කර තිබේ.
නොවැම්බර් 27 වන දින සිට බලපැවැත්වෙන අකාරයට එම B සෘණ මට්ටමේ සිටි ලංකා බැංකුව C ත්‍රිත්වය දක්වා පහළ දැමිම සිදුකල අතර ඒ සමගම් මෙම අර්බුදය හටගත්තා.
ජාත්‍යන්තර ණය ගැනිමේදි ෆිච් (Fitch) ශ්‍රේණිගත කිරිම සaජුවම බලපෑම් එල්ල කරන අතර රටතුල මතුවන ආර්ථික අස්ථාවරත්වය මෙන්ම දේශපාලන අස්ථාවරත්වයද එම මිණුම් දණ්ඩ කෙරෙහි සaජුවම බලපැම් එල්ල කරනු ලබනවා.
එනම් රටක් හෝ ආයතනයක් ලබාගන්නා ණය ආපසු ගෙවීමට පවතින හැකියාව පුරෝකතනය කිරීමයි. ෆිච් විසින් ශ්‍රී ලංකාව B- සිට CCC දක්වා පහත හෙළනු ලැබීම ඔස්සේ කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව දුර්වලවී ඇති බවයි.
සිගරට් මාෆියාවට සහය දුන් BOC
අයවැයේ දී වැඩිවන සිගරට් මිලේ වාසිය ලබා ගැනීමට අමතර සිගරට් තොග රැස් කිරීම සඳහා ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට රුපියල් කෝටි 215ක ණයක් ලංකා බැංකුව අනුමත කිරිමට කටයුතු කිරිම වැනි කුප්‍රකට මුල්‍ය ගණුදෙනු හේතුවෙන් ලංකා බැංකුව අප්‍රසාදයට ලක්ව තිබේ.
මාතර කටුවන ශාඛාවෙන් සිදුකර ඇති අතර එම ණය ඉල්ලීම ලංකා බැංකුවේ ණය අනුමත කරන කමිටුව සැප්තැම්බර් 9 වනදා අනුමත කර තිබේන අතර දකුණු පළාතේ ලංකා බැංකු ශාඛාවක් ලබා දෙන විශාල ම ණය ප්‍රමාණයද මෙය වේ.
එම ණය ඉල්ලීමේ සඳහන් වන්නේ අයවැයෙන් සිගරැට් මිල වැඩිවීමේදී ඊට පෙර අතිරේක සිගරට් තොග රැස් කිරීම මගින් ලාභ ඉපයීම සඳහා එම ණය මුදල නිකුත් කරන ලෙසයි. බැංකුවේ එම ඉල්ලීමට අනුමැතිය දෙන්නේ ඒ පිළිබඳව දැනුවත්ව බව ණය ලියවිලි අනුව පෙනේ. මාස 6ක කාලය නැවත ගෙවීමට අදාළ ණය මුදල මගින් සිගරට් 10,000 කින් යුත් ගෝල්ඩ් ලීෆ් සිගරට් පෙට්ටි 5000 ක් ද ඩන්හිල් පෙට්ටි 160ක් ද මිලදී ගැනීමට අදහස් කර ඇත.එමගින් ඉපයීම්ට අදහස් කර ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 7697 කි.මේ ණය මගින් බැංකුව ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇති ලාභය රුපියල් මිලියන 85 කි.
කෙසේවුවද මුදල් අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා පසුගියදා ඉදිරිපත්කළ අයවැයේදී සිගරට් මිල වැඩි නොකිරීම නිසා අදාල ව්‍යාපාරිකයා මෙන්ම බැංකුවද බරපතල අසීරුතාවයකට පත්ව සිටි.