රටම ප‍්‍රතික්ෂේප කරන 2022 අයවැය ආණ්ඩුව වහා සංශෝධනය කළ යුතු බවත් වැටුප් වැඩිවීම් සමග දෛනික පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ මිල සියයට 50 කින් අඩු කළ යුතු බවත් පවසමින් වෘත්තීය රැසක් සටන් ආරම්භ කර තිබේ. එම නිවේදනය මගින් පෙන්වා දි ඇත්තේ සියලූ ව්‍යසන ආණ්ඩුවේ හිතුවක්කාර තීන්දුවක සෘජු ප‍්‍රතිපල වූවත් ඒවාට විසඳුම් නැත යන්නයි.
මේ ආණ්ඩුව 2022 වසර සඳහා වන අයවැය පසුගිය නොවැම්බර 12 වන දින ඉදිරිපත් කෙරුවේ විශේෂයෙන් පසුගිය මාස හත අටක කාලයේ සිට රටේ බරපතල ආණ්ඩු විරෝධයක් ගොනුවන අතරතුරය. ආණ්ඩුව හිතුවක්කාර ලෙස නිර්මාණය කළ සමාජ ආර්ථික අර්බූද කිසිවකට ජනතාවගේ යහපත වෙනුවෙන් විසඳුම් කිසිත් එහි නොමැතිවය.
පොහොර අර්බූදය සමග ගැට ගැසෙන සියලූ ව්‍යසන ආණ්ඩුවේ හිතුවක්කාර තීන්දුවක සෘජු ප‍්‍රතිපල වූවත් ඒවාට විසඳුම් නැත. ගුරුවරුන් ඉල්ලූ ඉල්ලීම් සඳහා දුන් පොරොන්දු පිළිබඳව විශ්වාසයක් ඇතිවන අයුරු අයවැය යෝජනා ඉදිරිපත් කර නැත. රටේ ජනතාව ඉල්ලා සිටින ජීවන වියදම අඩුකිරීම ඇතුළු ප‍්‍රාථමික සහන කිහිපය සඳහා හෝ කිසිදු පිළිතුරක් නැත. එ් වගේම පෞද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන් අප ඇතුලූ වෘත්තීය සමිති පසුගිය සැප්තැම්බර සිට ඉල්ලූ රුපියල් 10,000 ක වැටුප් වැඩිකිරීම හා ජාතික අවම මාසික වැටුප රුපියල් 26,000 ක් කිරීම ගැනද කිසිදු ප‍්‍රතිචාරයක් නොමැත.
ඒ වෙනුවට ආණ්ඩුවේ මෙවර අයවැයෙන් ජනතා මුදල් කිසිදු සැළසුමක් නොමැතිව නාස්තිකාර ලෙස වැය කෙරෙන යෝජනා සමූහයක් ඉදිරිපත් කර ඇත. මුදල් බෙදෙන ආකාරය හා එක් පුද්ගලයෙකුට කොපමණ මුදලක්ද කියා සඳහන් නොවන පෞද්ගලික බස් රථ, පාසල් සේවා වාහන හා ත්‍රී රෝද රථ හිමියනට සහන ලබා දීමට යැයි වෙන් කෙරෙන රුපියල් මිලියන 2,500 බෙදෙන්නේත් දිළිඳු සහන ලෙස රුපියල් මිලියන 15,000 ක මුදල බෙදෙන්නේත් අතිශය දුෂිත රාජ්‍ය හා දේශපාලන ජාල මගින් බැව් නොදන්නා පුද්ගලයෙකු මේ රටේ නැත. ග‍්‍රාම සංවර්ධනය සඳහා යැයි සෑම ග‍්‍රාම සේවා වසමකටම රුපියල් මිලියන 03 බැගින් මිලියන 42,063 ක් වෙන් කරන්නේ රාජ්‍ය නිලධරය හා ප‍්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ එකමුතුවකින් ග‍්‍රාමීය අවශ්‍යතා තීන්දු කිරීමටය. එවැනි හවුල් සතු දුෂණ අපි රට පුරා අත්දකින්නෙමු. ග‍්‍රාම සේවා වසම් සඳහා එසේ මුදල් වෙන් කිරීමට අමතරව, පළාත් පාලන ආයතන සඳහාද එවැනිම කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 19,668 ක් වෙන් කරන්නේය. ඊටත් අමතරව, දැනට විමධ්‍යගත අයවැයෙන් දිස්ත්‍රික් සංවර්ධනය සඳහා යැයි මන්ත්‍රීවරුන් 225 ට දැනට ලබා දෙන මුදලට අමතරව සංවර්ධන මූල්‍ය ප‍්‍රතිපාදන වශයෙන් සෑම මන්තී‍්‍රවරයෙකුටම රුපියල් මිලියන 05 බැගින් වැඩි කිරීමට යෝජනා කර ඇත.
මෙවැනි නාස්තිකාර මුදල් ප‍්‍රතිපාදන හැරුණු විට, අයවැය හිග පියවීමේ හා ප‍්‍රාග්ධන වෙන්කිරීම් අවසන් වශයෙන් හිස් ඉලක්කම් බැව් අපි දනිමු. පසුගිය වසරවලද පුරුද්දක් ලෙස අයවැය ඉදිරිපත් කෙරුණා මිස, ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීම් ආණ්ඩු බාර ගෙන නැත. බොහෝ යෝජනා සමාජයටද අමතකව ඇත. ඉදිරි වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමේදී පසුගිය වසරේ අයවැය පිළිබඳ සවිස්තර ප‍්‍රගති වාර්තාවක් ඉදිරිපත් නොකිරීම, අයවැය යෝජනා අත හැර දැමීමට වාසියක්ව ඇත.
එවගේම 2003 අංක 03 දරණ ‘‘මූල්‍ය කලමනාකරණ (වගකීම්) පනත’’ යටතේ එහි 10 වන සහ 11 වන වගන්ති වලට අනුව මූල්‍ය වගකීම් සමග අයවැය සම්මතයෙන් පසු ජූනි මස අවසානයට පෙර ආණ්ඩුවේ අර්ධ වාර්ෂික මූල්‍ය තත්ත්ව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර විවාදයට තැබිය යුතු නමුත් එවැන්නක්ද පාර්ලිමේන්තුවෙහි වගකීමක් ඇතිව සිදුනොවේ. ඒ කිසිවක් සඳහා පාර්ලිමේන්තු විපක්ෂයේ බලපෑමක්ද නොමැති හෙයින් මහජන මුදල් පරිහරණය පිළිබඳ වගකීම කලෙක සිට පාර්ලිමේන්තුව නිසියාකාරව බාර නොගන්නකි.
එබැවින් එකී පනතේ 03 වන වගන්තියේ (අ) අනු වගන්තියට අනුව පනතෙහි අරමුණවන 2006 වසර අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 05 ට වඩා අයවැය හි`ගය වැඩි නොවිය යුතු යැයිද සහ එය ඉදිරියටද එළෙසින් පවත්වා ගත යුතුයැයිද වන නියමය දැන් කිසිදු පැකිළීමකින් තොරව උල්ලංඝණය කෙරෙන්නකි. මෙවර 2022 අයවැයෙහි එම හිග පරතරය සියයට 9.8 කි. එනිසාම මේ අයවැය “මූල්‍ය කලමනාකරණ (වගකීම්) පනත” උල්ලංඝණය කරන්නාවූ නීති විරෝධී අයවැයකි.
මේ හැමකින් අප තේරුම් ගන්නේ මේ අයවැය විසින් පෞද්ගලික අංශයේ මිලියන 05 ට වැඩි සේවක පිරිස හා රජයේ මිලියන 08 ට වැඩි සේවක පිරිස් අවිධිමත් ක්ෂේත‍්‍රයේ අනෙකුත් මිලියන ගණනක ශ‍්‍රමිකයින් සමග ඉදිරි කාලයේදී බරපතල ජීවත්වීමේ ගැටළුවකට තල්ලූ කරනු ලබන බවය. මේ ආණ්ඩුව මේ රටේ සියයට 78 ක් වන වක‍්‍ර බදු ගෙවන සාමාන්‍ය ජනතාව ගැන කිසිදු තැකීමක් නොමැති බවට සහතික කෙරුණේ අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමති විසින් කෝවිඞ්-19 වසංගතය හමුවේ රට වෙනුවෙන් උර දුන් පිරිසට ස්තුති කළ ආකාරයෙනි. සංචරණ සීමා, හුදකලා කිරීම් හා ඇඳිරි නීතිය හේතුවෙන් නවාතැන්, ප‍්‍රවාහන, ආහාර සපයා ගැනීම් වැනි සියලූ දුෂ්කරතා සමග ආසාධනයවීම්, නිරෝධායන හා හුදකලා තිරීම්ද විඳ ගනිමින් ඇතැම් අවස්ථාවන්හි මිය යෑම්ද වාර්තාවූ පසුබිමක ඇ`ගළුම් ඇතුළු අපනයන භාණ්ඩ නිෂ්පාදනයේ යෙදුණු ලක්ෂ ගණනක් සේවක සේවිකාවන් ගැන කිසිදු සඳහනක් නොමැතිව මුදල් ඇමතිවරයා අපනයන නිෂ්පාදන හිමි හාම්පුතුන්ට රටේ ආර්ථිකයට ලබා දුන් දායකත්වය සඳහා යැයි ස්තුති කළේය.
එනිසා මේ සියලූ සේවක සේවිකාවන්ට අයවැය සකස් කෙරුණු සමයේ ඉදිරිපත් කළ වැටුප් වැඩිවීම් දිනා ගැනීම සඳහා තව දුරටත් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට බල කෙරෙන්නේය. එපමණක් නොවේ. වැටුප් වැඩි කිරීම් ඉදිරිපත් කළ පසු උග‍්‍ර වූ භාණ්ඩ හි`ගවීම් හා මිල සීඝ‍්‍රයෙන් ඉහළ යෑම් හේතුවෙන් මේ සේවක සේවිකාවන්ටත් කෘෂි හා අවිධිමත් ක්ෂේත‍්‍රයේ ශ‍්‍රමිකයින්ටත් ජීවත්වීම උදෙසා භාණ්ඩ මිල පහත හෙළන මෙන් බල කරන්නටද සිදුවන්නේය. ඒ වෙනුවෙන් අයවැයෙහි ඇති සියලූ නාස්තිකාර වියදම් සඳහාවන යෝජනා අත්හිටුවා, ග‍්‍රාමීය සමාජයේ හා නගරයේ සාමාන්‍ය ජනතාවගේ දෛනික අවශ්‍යතා සඳහාවන භාණ්ඩ මිල සියයට 50 කින් අඩු කිරීම සඳහා අයවැය සංශෝධනය කරන මෙන් ඉල්ලා සිටින්නට අප සැමට සිදුව ඇත.
දැන් අපගේ වගකීම වන්නේ ජීවත්වීම උදෙසා ඉල්ලා සිටි වැටුප් වැඩිවීම් සමග භාණ්ඩ මිල සියයට 50 කින් අඩු කිරීමේ යෝජනාව වෙනුවෙන් වහා පෙනී සිටීමය. ඒ වෙනුවෙන් සියලූ වෘත්තීය සමිති, ගොවි සංවිධාන, කාන්තා සංවිධාන, සිවිල් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ පැවැත්මක් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා කණ්ඩායම්, තනි පොදු වේදිකාවකට වහා එකතුවිය යුතු යැයි අපි අවධාරණයෙන් යුතුව කියමු.
ස්තූතියි
මෙයට විශ්වාසී
01 නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
02 ශ‍්‍රී ලංකා නිදහස් සේවක
03 ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
04 අන්තර් සමාගම් සේවක සංගමය
05 ලංකා වෘත්තීය සමිති සම්මේලනය
06 නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ‍්‍රී ලංකා
07 ලංකා වතු සේවා සංගමය
08 එක්සත් කම්කරු සම්මේලනය
09 ලංකා බැංකු සේවක සංගමය
10 ලංකා ජාතික වතු කම්කරු සංගමය
11 ජාතික සේවක සංගමය