පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර පස් වසරක සිර දඬුවම් විදි “සෙල්ලං පිස්තෝල ” මල්ලී ලෙස ප්‍රසිද්ධ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු බම්බලපිටිය, කොතළාවල ඇවනියු (Kotelawela Ave) හි පිහිටි පෞද්ගලික දෙපළකට බලහත්කාරයෙන් ඇතුලු වි එහි ආරක්ෂාවට සිටි දෙදෙනෙකුට පහරදි,තර්ජනය කර තිබේන බව බම්බලපිටිය පොලිස් නිළධාරියෙකු අනාවරණය කළා. පහරකැමට ලක්වු පුද්ගලයෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර,පහරදිම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලී කලද මේ දක්වා එරාජ් ප්‍රනාන්දු හෝ වෙනත් වගකිවයුතු කිසිවෙකුත් අත් අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කර නෑ.
මෙරට ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන රවී විජේරත්න සමග එක්ව කුප්‍රකට ඉඩම් කොල්ලකරුවෙකු වන එරාජ් ප්‍රනාන්දු කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගැනිමට උත්සහ දරමින් සිටින බවට පසුගිය කාලයේ තොරතුරු අනාවරණය වි තිබුනා.
මෙම කුප්‍රකට ජාවාරම සදහා ලාල් විජේනායක නැමත්තාද සaජුවම සම්බන්ධ වි ඇති අතර එරාජ් ප්‍රනාන්දු, රවී විජේරත්න ඇතුලු තවත් කිහිප දෙනෙකු ගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් සිදු කෙරෙන බව පවසන මහා පරිමාණ ඉඩම් මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීඩියෝවක් පසුගිය දා සමාජ ජාලා වෙත මුදාහැර තිබුනා.
ඒ අනුව දැනට එංගලන්තයේ පදිංචි වි සිටින ව්‍යාපාරිකයෙකුට අයත් කොළඹ, බම්බලපිටිය, කොතළාවල ඇවනියු (Kotelawela Ave) හි පිහිටි ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගැනිමට එරාජ් ඇතුලු කල්ලිය ඊයේ (14) රාත්‍රී 1.00ට පමණ උත්සහ දරා ඇති අතර එය වැලැක්වීමට එම ඉඩමට යොදවා සිටි ආරක්ෂකයින් දෙදෙනා කටයුතු කර තිබේ. එහිදි එරාජ් පරුෂ වචනයෙන් බැනවැදී තමන් ” එරාජ්” බවත් තමන් කවුරුන්ද යන්න ජනාධිපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් දැනගන්නා ලෙසත් පවසමින් ආරක්ෂකයන්ට පහරදි තිබේ. ඊට අමතරව තමන් කවුරුන්ද යන්න දැන ගැනිමට එරාජ් සතු visiting card එකක්ද ආරක්ෂකයන්ගේ කුටියට විසීකර දමාගොස් තිබේ.
“අඩෝ… මම කවුද කියලා ජනාධිපතිගෙන් අහපන්,නැත්නම් අගමැතිගෙන් අහපන් ” “එහෙමත් නැත්තං වරෙන් හම්බන්තොට ඇවිල්ලා අහපන් ගමේ එවුන්ගෙන් ….”
පහරදිමෙන් අනතුරුව තමන්ගේ මෝටර් රථයට පැමිණී එරාජ් නැමැත්තා පිස්තෝලයක් වැනි යමක් දික් කරමින් මරණ තර්ජනය කල බවද පහර කැමට ලක්වු පුද්ගලයා සදහන් කර තිබේ.
අදාළ පහරදිම සම්බන්ධයෙන් පහර කෑමට ලක්වු මැන්දීස් නැමැත්තා බම්බලපිටිය පොලිසීයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිල්ලට අදාළ ලදුපතද පහත දැක්වේ. කෙසේවෙතත් අදාළ පහරදිම සම්බන්ධයෙන් පොලිසියට පැමිණි කළද දේශපාලන බලය යොදවා ගනිමින් එම පරික්ෂණ පවා නතරකිරිමට රවී,එරාජ් සහ ලාල් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
