සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා මාර්ග ගත (online) ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර දිවයිනපුරා සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරිම මෙහි අරමුණයි.සංචාරක පනතේ 48 (3) වගන්තිය අනුව දිවයින පුරා සිටින සියළුම සංචාරක සේවා සපයන්නන් සංචාරක සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.
මෙලෙස නිසි ලෙස ලියාපදිංචි නොවීම නිසා ‘කොවිඩ් 19’ වසංගත තත්වය හේතුවෙන් රජය ලබා දුන් සහන ලබාගැනීමට ඇතැමුන්ට නොහැකි වී ඇත. ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා මේ තත්වය ද හේතු වූ බව ඇමති ප්‍රසන්න රණතුංග පෙන්වා දෙනවා.
මේ අතර දිවයින පුරා සිටින සංචාරක රියදුරන්ට සංචාරක සේවා අධිකාරියේ විධිමත් පුහුණුවක් ලබාදීමට ද කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.එම පුහුණුව දිවයින පුරා පිහිටි වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන හරහා ලබා දීමට අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබේ.
මෙහිදී පෙර පුහුණුවක් ලබා ඇති පුද්ගලයන්ට පුනරීක්ෂණ වැඩසටහන් ද, නවකයන් සඳහා නව වැඩසටහන් ද සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සම්පාදනය කර තිබේ.