Home Business පාඩු ලබන මාධ්‍ය ආයතන අතර ප්‍රමුඛයා ITN… පාඩුව මිලියන 420ක්

පාඩු ලබන මාධ්‍ය ආයතන අතර ප්‍රමුඛයා ITN… පාඩුව මිලියන 420ක්

0

ශ්‍රි ලංකා එයාර්ලයින් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩල 2020 අගෝස්තු 31 වැනි දින වනවිට පාඩුව රුපියල් බිලියන් 70කට ආසන්න බව වාර්තා වේ. 2020-2021 රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වාර්තාවට අනුව 2020 අගෝස්තු 31 වනවිට ශ්‍රි ලංකා එයාර්ලයින් සමාගම රුපියල් මිලියන 36,387 සහ ලංකා විදුලිබල මණ්ඩල රුපියල් මිලියන 31,724ක් ලෙස සිය පාඩු වාර්තාකර තිබේ.ඒ අනුව පාඩු ලබන ලැයිස්තුවේ පලමු ස්ථානය එම ආයතන දෙක හිමිකර ගැනිමට සමත්ව තිබේ.

මිට අමතරව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මිලියන 4417,ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය මිලියන 1175ක්,සිමාසහිත ලංකා සතොස මිලියන 1021 යන සමාගම් බිලියන ඉක්මවා පාඩු ලැබු ආයතන වේ.රාජය සතු ව්‍යවසායන් 52ක් අතුරින් ලාභදායිම රාජ්‍ය ආයතනය වි ඇත්තේ සේවා නියුක්තිකයන්ගෙ භාර අරමුදල් මණ්ඩලය වන අතර එමගින් ලැබු ලාභය වන්නේ මිලියන 21344ක්.

පාඩු ලබන මාධ්‍ය ආයතන අතර ප්‍රමුඛයා ITN…

මේ අතර අලාභ ලබන මාධ්‍ය ආයතන අතර ප්‍රමුඛයා වි ඇත්තේ ස්වාධීන රූපවාහිනිය (ITN) වන අතර එම පාඩුව රුපියල් මිලියන 420ක් ලෙසද වාර්තා වි තිබේ.වාර්තා වන අකාරයට නාලිකාව නඩත්තු කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් මාසිකව ලබාදෙන මුදල මිලියන 40 ක්.

තතත්ත්වය එසේ තිබියදි මේ වනවිට අසාර්ථක පරිපාලනයක් සහිත ස්වාධීන රූපවාහිනිය දෛනිකව විශාල මුදල් ප්‍රමාණයක් සුළු පිරිසකගේ අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කරමින් සිටින බව ITN සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා සදහන් කර තිබේ.

සුදුසුකම් නොමැති සේවකයන් කිහිප දෙනෙකුම උපදේශකයන් බවට පත්කර එක් අයෙකු සදහා වාහන දිමනාව පමණක් මාසිකව එක්ලක්ෂ පනස්දහසක් ගෙවන බවයි ඔහු සදහන් කර ඇත්තේ.කෙසේවෙතත්සේවකයන්ගේ දිමනා රැසක් කපාදැමිමට බලධාරීන් කටයුතු කර ඇති බවද ඔහු සදහන් කර තිබේ.

නාලිකාවේ නාට්‍ය විකාශය වෙනුවෙන් ගෙවිමට ඇති මුදල මිලියන 200කට ආසන්න වි තිබියදි ආයතනය විසින් ලබාදි තිබේන සුඛෝපභෝගි මෝටර් රථය ඉවත් කර අයිටීඑන් සභාපති සුදාත් රෝහන තමන්ගේ භාවිතයට රු. 265,000 ක මාසික කුළී පදනම යටතේ වාහනයක් ලබා ගැනිමට කටයුතු කර තිබේ.

අදාළ NW CPA 7744 දරණ Land Cruiser වර්ගයේ මෝටර් රථය සභාපතිවරයාගේ ඥාතීයෙකුගේ නමට ගෙවිමේ ක්‍රමයට ලබාගනිමින් එම මුදල ආයතනය හරහා අයකර ගැනිමට කටයුතු කරමින් සිටින බවටද ITN සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා සදහන් කර තිබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here